Saturday, April 16, 2016

101. දහනායක අවුරුද්ද

ගත වුණ කාලය එක්ක බැලුවම ඉපදිලා අවුරුදු හතළිස් තුනක් වෙන්නත් එද්දි ...හැම අවුරුද්දම ගෙවන්න ගමට ආව අපි.
අම්මා නැති වුණ ආසන්නම කාලෙදි හැරෙන්න ඉතුරු අවුරුදු වල සිරිත්විරිත් ටික හැමදාම කෙරුණෙ ගමේ...
ගම කියන්නෙ අවුරුද්ද..ජීවිතේ ට බැඳිල තියෙන්නෙ එහෙමයි...කොහා වුණත් අඬන්නෙ ගමට ආවම..නැත්නම් කොහා හඬන්නෙ රෙඩියෝවෙ සිංදු අස්සෙ...
එරබදු මල් පිපෙන්නෙ ගමේ...මං ඉන්න ටවුමෙ එරබදු ගස් කොහෙද...
ඒ අලංකරණ ලියන්නට ගියොත් මාතෘකාව ට අදාල අවුරුද්ද ගැන ලියන්න බැරිවෙනව...
අපේ තාත්තාගෙ පවුල ගත්තාම මහා විහිදුණ ගහක් වගේ...
අවුරුදු දෙකකට කලින් අවුරුදු 99ක් ආයු වලඳලා අවසන් ගමන් ගිය අපේ සීයා සහ දැනටත් 98ක් වයසැති අපේ ආච්චි අම්මාට දරුවො ඉඳල තියනවා 15ක්.ඉන් තිදෙනෙක් ඉතාම කුඩා කලදි මිය ගිහින්ලු.මීට වසර කීපයකට පෙර ඒ දරුවන්ගෙන් වැඩිමල් කෙනා අපේ ලොකු තාත්තා මියගියා..නිශ්චිතව කියන්නට දන්නෙ නැතත් අවුරුදු 75කට වඩා වැඩි ඇති වයස.
රට පුරාම ඉතුරු දරුවන් විසිර පැතිරිලා...ඒ පරම්පරාවෙ 11 දෙනෙක්..
ඊට පසු පරපුර පටන් ගන්නේ මගෙන්...මට වයස 43 ක් වෙද්දි..බාලමයා අවුරුදු 3ක නංගියෙක්...ඒ පරම්පරාවෙ ගාන 25ක්......අදටත් එකිනෙකා එක්ක ලබැඳි පරපුරක්...
ඉන් පස්සෙ පරපුර පටන් ගන්නෙ මගෙ ලොකු පුතාගෙන්....තාම අපේ පරපුරේ විවාහ වෙලා ඉන්නෙ කීප දෙනෙක් නිසා ඔවුන්ගෙ දරුපරපුර තාම 13යි....මේ අය බොහොමයක් උනුන් හමුවන්නෙ නෑ...
පෙබරවාරි මාසෙ සීයාගෙ දානය දවසෙ අපේ සහෝදර සහෝදරියන් කිප දෙනෙක් ගෙ හිතට ආව අදහසක් තමයි පවුලම එකතු කරල අවුරුද්දට මහ ගෙදරට එකතු වෙන එක....
කොයි එකටත් ලෙසිම ක්‍රමය face book එක.....අපේ අය හැදුව group එකක් ...දහනායක දරුවො කියල...ඔන්න යෝජනාව ආවා...අදහස් එන්න ගත්තා...අවුරුදු උත්සවයක් එක්ක කට්ටියම එක්කසු වෙන දවසක්.....
අපේ ලොක්කා ගෙන් (හරිත...අර බ්ලොගයක් ලියලා පෝස්ට් දෙකකින්ද කොහෙද නැවැත්තුවෙ..." හරිවැරදි" ....)  ඔන්න මට එනව ඉල්ලීමක්....තේමා ගීයක් ලියන්න ....දුරකතනයෙන් කතා කරන ගමන්...පද ගැලපුනා......
ඒක යොමු උනේ පව්ලෙ සංගීතකාරයට..හෂාන් මල්ලි...මිනිහා අපූරු සංගීත ශිල්පියෙක්.....ඒක කොච්චර ම සුන්දරද කියල මට වැටහුනෙ....මල්ලි හඬ මුසු කරල හිතට දැනෙන තාලෙකින් ඒ ගීය එව්වම......
හැමෝටම තෑග්ගක්....පුංචි උන් ඔක්කොම එක්කාසු වෙන...
විවිධ තරඟ....
අප්‍රේල් 15දා මහ ගෙදරට හවස් වෙද්දි එක එක්කෙනා ආවා..පටන් ගත්තෙ තුනට....
අපෙ තාත්තගෙ පරම්පරාව..හිනා වෙන්නම උපන් අය...විනෝද කාමී බව උතුරන...වයසට ගියත් පුදුම ක්‍රියාශීලී සහභාගිත්වය ක් ඇති අය...
පොඩි උන් පස්ස ගන කොට විකට ඇඳුම් තරඟෙට ආවෙ අපෙ බාප්පල නැන්දලා....
කිසිම තරඟෙකට නෑ බෑ කීමක් නෑ...කවුරු දිනුවත් ඒ තමන්ගෙ අයමයි..ඒ හැඟීම කාගෙත් තිබුනා...
තරඟ පටන් ගන්න පෙර හැමෝම සීයාවයි ලොකු තාත්තා වයි සිහි කරල  විනාඩියක නිශ්ශබ්ද තාවක් පවත්වලා....ඉන් පසු ආච්චියි ඇගේ දරුවන් 11 දෙනයි පොල්තෙල් පහන දැල්වුව....
ඉන් පස්සෙ තේමා ගීය..හැමෝම මොහොතකට ගොලු උනා ඒ හැඟීම් බර බවට.....
කට්ටියම විවිධ තරඟ....ඉන් අනතුරුව රාත්‍ර්‍රි ආහරය ඔක්කොටම.....
ඉන් පසුව පවුලේ අයට සංගීත සන්ද්‍යාවක්...
අපේ හසරැල් ගෙ ගායන හැකියාව ඊයෙ තමා එළි දැක්වුනෙ...නටන්න බැරි අයත් නැටවෙන්න සිංදු කිව්වා..ඒ වගේම ඇතිවෙන්න නැටුවා....
වඩාම සතුටු..එතන ඊයෙ ආච්චි හැර ඔක්කොම නැටුවා....විනෝදය..සතුට උපරිමයෙන්....
අමාරුවෙන් පාන්දර තුනට නිමා වුණ ඒ අවුරුද්ද හිතට ඉතුරු කලේ මහ ලෝබ කමක්....ඔක්කොම මහගෙදර සාලෙ පැදුරු එලන් නිදාගත්තා.....උදේ පසු විපරම් එක්ක ...පොඩි පොඩි මඩ ගැහිලි....
අවුරුද්දක් කියන්නේ....වචනෙකට සීමා වෙන දෙයක් නෙවේ..ඒක හිතේ පතුලටම එකතු වෙලා ජීවිතේ ජීවත් කරන සුන්දරම හැඟීමක්......

13 comments:

  1. සුභ අලුත් අවුරුද්දක් වේවා..
    අදයි මේ පැත්තේ ආවේ.
    අපූරු වැඩක්. හැම අවුරුද්දකම කරන්න පුලුවන් නම් හොඳයි නේද?
    පරණ පවුල් වල දරුවෝ ගොඩයි. පවුල් වල කට්ටිය එකතු උනාම ඇත්තටම අවුරුදු උත්සවයක් කරන්න පුලුවන් තමා. අපේ අම්මගෙ පවුලෙත් 10. දැන් පවුල් වල එහෙම නෑනේ. ඇත්තටම එහෙම ගොඩක් සහෝදර සහෝදරියෝ ඉන්න එක මරු.

    ReplyDelete
    Replies
    1. ඔව්..ඇත්තෙන් හරි සතුටක්

      Delete
  2. අපූරු පවුලක්..වැඩේ හුඟක් වටිනව

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වත්සලා නංගී

      Delete
  3. ඇත්තෙන්ම මේ තමයි අවුරුද්ද කියන්නේ. හරිම සතුටුයි මේ වගේ දෙයක් ඇහුවම/දැක්කම. මේ විදිහට දැන් පවුලේ අවුරුදු උත්සව සංවිධානය කරන්න වෙලා තියෙන්නේ, නවීන තාක්ෂනය මගින් මිනිසා තමන් තුලම සැඟවුණු සත්වයකු බවට පත්වී ඇති නිසයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට...ඇත්තෙන්ම පුදුම සතුටක්

      Delete
  4. මෙහෙම එකතු වෙන්න පුලුවන් පරපුරක් ඉන්නවනාම් හැමදාම අවුරුදු තමා.. ඇත්තෙන්ම වයසට ගිය දෙමාපියන්ගේ එකම පැතුම තමන්ගෙ දරු මුණුබුරෝ තමන්ව වට කරන් ඉන්න එක.. ඊට වැඩිය සතුටක් ඔවුන්ට නෑ...

    ReplyDelete
  5. අපේ පවුලේත් විස්තරේ මිට බොහොම ලඟින් යනවා.. ඔක්කොම සංගීත කාරයෝ මම හැර. ඉතින් එකතු උනාම රස සාගරයක්.. අපේ පවුලේ විතරක් අපි සහෝදර සහෝදරියෝ 6ක්. මම බාලයා.. ලොකු අයියගේ ලොකු පුතා මට වඩා අවුරුදු 10යි බාල.. එතකොට එයාගේ පොඩිම මල්ලි ඒ කියන්නේ මගේ පොඩිම පුතා එයාට වඩා අවුරුදු 30ක් බාලයි :) හැමෝම සින්දු කියන්න විතරක් නෙවෙයි කන්න බොන්න සෙල්ලම් කරන්නත් රුසියෝ. 14, 15, 16 හා 17 දවස් හතරම මේ හැමෝම වගේ හිටියේ එකට.. ඒ අතර අවුරුදු කෑම මේස, සංගීත සාද හා අවුරුදු උත්සව වැහි වැහැලා.. හ්ම්ම් .. ඊයේ රෑ තමයි කට්ටිය විසිරිලා ගියේ.
    ආ.. තව පොඩ්ඩෙන් අමතක වෙනවා.. ලොකු අක්කට සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලී...සුබ නව වසරක් වේවා ඔයාටත්

      Delete
  6. මගේ නෑදෑ සහෝදරයෙක් බැඳලා ඉන්නේ දරුවෝ 14 දෙනෙක් ඉන්න පවුලක බාලම නංගි. ඒ ගොල්ලන්ගෙ අවුරුදු සැමරීමත් මේ වගේමයි.

    ReplyDelete
    Replies
    1. ඒක හරිම අපූරු අත්දැකීමක්

      Delete
  7. ගමකට නෑදෑයෝ නේ. ගමක් හදන්න පුළුවන් "දහනායක උදා ගම්මානය" කියලා..
    අපේ සීයට දරුවෝ දෙන්නයි. සීයාගේ සීයාට නම් 16 ක් හිටියලු. එත් දැන් ඒ නෑදෑයෝ හොයා ගන්නවත් නැහැනේ.

    ReplyDelete

පුංචි හරි අදහසක් දක්වලා යන්න